ඉන්දියාවේ රසායන කර්මාන්ත ශාලාවක පිපිරීමක්

ඉන්දියාවේ රසායන කර්මාන්ත ශාලාවක පිපිරීමක්: 3 දෙනෙකුට බරපතලයි

by Staff writer 09-03-2018 | 9:22 AM
(Newsfirst) - ඉන්දියාවේ මහාරාෂ්ටයේ පල්ගා ප්‍රදේශයේ රසායන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ය. ඊයේ රාත්‍රී 11.15ට පමණ මෙම පිපිරීම සිදුවූ බව පල්ගාහි පොලීසිය පවසයි. අදාළ රසායන කර්මාන්ත ශාලාව තුළ සිදුවූ පිපිරීමත් සමග ඇති වූ ගින්න නිවා දැමීම සඳහා එරට ගිනි නිවීම් හමුදාව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.