කලහකාරි සිද්ධීන්වලට සම්බන්ධ 146ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් කටයුතු කළ අවුරුදු 17 සහ 18 තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 09-03-2018 | 8:50 PM
  COLOMBO (Newsfirst) - පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්විය. කලහකාරි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 146 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එම සැකකරුවන් 146 දෙනා තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සැකකරුවන් 11 දෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අන්තර්ජාලය හරහා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් කටයුතු කළ අවුරුදු 17 සහ 18 තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් හෝමාගම සහ කොල්ලුපිටියේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරට ත් සඳහන් කළේය. https://www.youtube.com/watch?v=0J887kG43ys https://www.youtube.com/watch?v=lGG38l1DtNc