දෙවන වන දිනටත් ගම්මැද්ද ශ්‍රීපාද පිං බිමට

දෙවන වන දිනටත් ගම්මැද්ද ශ්‍රීපාද පිං බිමට...

by Hashini De Mel 08-03-2018 | 7:26 AM

COLOMBO (News 1st) - ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ගම්මැද්ද හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක් ව ඊයේ ආරම්භ කළ ශ්‍රීපාද ස්ථාන පුදබිමේ ගමන් මග පිරිසිදු කිරීමේ වැඩසටහනේ දෙවන දිනය අද යි.

ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ගුවන් හමුදා සමාජිකයින් 500කට ආසන්න පිරිසක් එක් ව සිටි. මෙම වැඩසටහන යටතේ ශ්‍රීපාද ස්ථානයට පිවිසෙන හැටන් සහ රත්නපුර මාර්ග දෙකම පිරිසිදු කෙරෙනු ඇත. මෙහිදී පියගැටපෙළවල් ප්‍රතිසංස්කරණය, වන්දනාකරුවන් දමාගොස් ඇති නොදිරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, විදුලි නඩත්තු කටයුතු හා ජල නල නඩත්තු කටයුතු අද ත් සිදු කිරීමට නියමිත වේ.