ෆොන්සේකාගෙන් දැඩි අප්‍රසාදයක්

ෆොන්සේකාගෙන් දැඩි අප්‍රසාදයක්

by Staff writer 08-03-2018 | 9:50 PM
Colombo (Newsfirst) - ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේ ජනතාව හමුවූ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන්නේ ය. මෙහිදී මාධ්‍යවේදීන් නීතිය හා සාමය පිළිබඳ ඇමති ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා නොදීම සම්බන්ධයෙන් විමසුවේ ය. ඊට පිළිතුරු ලබා දුන් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, පොහොට්ටුවට ආශිර්වාද කරන පිරිස් එම ඇමති ධූරය තමාට ලබා දීම සම්බන්ධයෙන් බිය වූ බව ය. නීතිය හා සාමය පිළිබඳ ඇමති ධූරය වෙනත් ඇමතිවරයෙකුට ලබා දීම පිළිබඳව ෆොන්සේකා මහතා මෙහිදී සිය අප්‍රසාදය පළ කළේ ය. රට වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී පැවසුවේ ය.