හලාවත දරුවා මැරූ කාමාතුර සැකකරු යළි රිමාන්ඩ්

හලාවත දරුවා මැරූ කාමාතුර සැකකරු යළි රිමාන්ඩ්

by Sagarika Chathumali 08-03-2018 | 5:47 PM

COLOMBO (News 1st) : හලාවත ඉරණවිල 9 හැවිරිදි දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ ද හඳුනා ගැනීමට නියමිතව සිටි පුද්ගලයකු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් එය ලබන 22 වනදා ට කල් තැබිණ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු අධිකරණයට රැගෙන ආ අතර ඔහු දැක බලා ගැනීමට විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. පසුගිය මස 25 වන දා හලාවත, ඉරණවිල ප්‍රදේශයේදී මෙම දරුවා අතුරුදන් වූ අතර ඊට පසුදින ඔහුගේ සිරුර කැළෑබද ප්‍රදේශයක තිබී සොයා ගැනිණ. දරුවාගේ ඝාතනයට අදාළ පෙර ප්‍රවෘත්ති...