වෙඩි තැබීමකින් තුවාල වූ මන්ත්‍රී අමල් සිල්වා රෝහලට

වෙඩි තැබීමකින් තුවාල ලැබූ පළාත් මන්ත්‍රී අමල් සිල්වා රෝහලට

by Sagarika Chathumali 08-03-2018 | 9:46 PM

COLOMBO (News 1st) : රත්මලාන, කල්දේමුල්ල ප්‍රදේශයේ අද රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් මන්ත්‍රී අමල් සිල්වා තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, වෙඩි තැබීමෙන් පාදයකට තුවාල සිදුව ඇති බවයි. තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයකින් පැමිණි පිරිසක්, වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=v866tWMhGvk