නීතිය හා සාමය පිළිබඳ නව ඇමති රංජිත් මද්දුමබණ්ඩාර

රංජිත් මද්දුමබණ්ඩාර නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

by Hashini De Mel 08-03-2018 | 10:15 AM

COLOMBO (News 1st) - නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම්දී තිබේ.

  ජනාධිපති කාර්යාලයේ පැවති දිවුරුම්දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක් ව සිටියහ. රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට අමතරව තවදුරටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යධූරයේ ද කටයුතු කරණු ඇත. 1982 වසරේ මොරණගල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිධූරයට පත් වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා 1988 ප්‍රථම පළාත් සභා මැතිවරණයේදී ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත් වූ අතර 1989 සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරණු ඇත. ඔහු 2001- 2003 එක්සත් ජාතික පක්ෂ රජයේ සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය. https://youtu.be/CBKM7AkjSqE