මහනුවර සිදුවීම් මෙහෙය වූ 10 ක් අත්අඩංගුවට

මහනුවර සිදුවීම් මෙහෙයවූ බව කියන 10ක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට

by Staff writer 08-03-2018 | 3:49 PM

Colombo (Newsfirst) - මහනුවර සිදුවීම මෙහෙයවූ බව කියන සැකකරුවන් 10 දෙනෙකු දිගන හා පූජාපිටිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර සිදූවිම්වලට සම්බන්ධ බව කියන සැකකරුවන් 10 දෙනෙකු අද අලුයම දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී පොලිස් තස්ත්‍ර විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන විදාන පතරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ය. එමෙන් ම ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=mfgEcGCYStM