මහනුවර සිද්ධිය: සැකකරුවෝ දින 14ක් රඳවා ගැනෙති

මහනුවර සිද්ධියේ සැකකරුවන් 10 දෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

by Staff writer 08-03-2018 | 10:33 PM
Colombo (Newsfirst) - මහනුවර සිදුවීම් මෙහෙය වීමේ චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා දින 14ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හදිසි නීති රෙගුලාසි යටතේ නියෝග කර තිබේ. වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරුවන් කොළඹට රැගෙන එමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.