මහනුවර සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහනුවර සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු 71 ක් අත්අඩංගුවට

by Staff writer 08-03-2018 | 9:13 PM
Colombo (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 දෙනෙකු පොලිස් ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම සිදුවීම් මෙහෙය වූ බවට සැකපිට 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය. අදාළ පිරිස දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන විදාන පතරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ය. එමෙන් ම ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.