මහනුවරට හවස 6 සිට යළි ත් ඇඳිරි නීතිය

මහනුවරට හවස 6 සිට යළි ත් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 08-03-2018 | 3:39 PM

COLOMBO (News 1st) : මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා යළි ඇඳිරි නීතිය පනවා තිබේ.

එම ප්‍රදේශයට ඊයේ පැනවූ ඇඳිරි නීතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් මත අද පෙරවරු 10.00 ට තාවකාලිකව ඉවත් කෙරිණ. ඒ, සාමාන්‍ය ජනතාවට ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබාදීමට ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත ලබා දී ඇති මෙම සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙසයි.