මහනුවරට පැන වූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

මහනුවරට පැන වූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර සවස 6.00 යළි පැනවෙයි

by Hashini De Mel 08-03-2018 | 9:32 AM

COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 10.00 ට ඉවත් කර සවස 6.00 ට නැවත පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක දැක්වූයේ ඊට අදාළ නියෝග ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යවා ඇති බවයි. සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබාදීමට ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත ලබාදී ඇති මෙම සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙසයි. https://youtu.be/MjTJJIm39MA