දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද යි

by Hashini De Mel 08-03-2018 | 7:43 AM

COLOMBO (News 1st) - කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති අපවත්වී වදාළ ගෞරව ශ්‍රාස්තවේදී පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත ව තිබේ.

මහා සංඝරත්නය ප්‍රමුඛ සැඳැහැවතුන්ගේ අවසන් ගෞරව සඳහා දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ ය. අදාහන පෙරහැර පස්වරු 1. 45 ට විහාස්ථානයෙන් පිටත්වීමට සැලසුම් කර ඇති බව ආදාහන කමිටුවේ සාමාජික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ ය. වර්ෂ 1963 ජුලි මස 29 වන දින මාකොළ දරණාගම උපත ලැබූ උන් වහන්සේ අපවත්වන විට 54 වන වියේ පසු විය.