'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ඇරඹේ

'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ඇරඹේ

by Staff writer 08-03-2018 | 10:22 PM
Colombo (Newsfirst) - දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ආරම්භ වේ. තරගය මෙවර පැවැත්වෙන්නේ 139 වන වරට ය.   ඒ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ය. රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා සටන 1880 වසරේදී ආරම්භ විය. වසර 138ක ඉතිහාසය තුළ රාජකීය විද්‍යාලය තරග 35ක් ද ශාන්ත තෝමස් විද්‍යාලය තරග 34 ක් ද ජය ගෙන තිබේ. මෙවර තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලයට මෙවර නායකත්වය ලබා දෙන්නේ පසිදු සූරියබණ්ඩාර යි. ශාන්ත තෝමස් විද්‍යාලය ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි.   මේ අතර යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර 112 වන වරට පැවැත්වෙන උතුරු මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. පළමු ඉනිම ක්‍රීඩා කළ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සියලු කඩුලු දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 217කි. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන යාපනය මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 43කි.