ජනපති මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ හමුවෙති

ජනපති මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ හමුවෙති

by Sagarika Chathumali 08-03-2018 | 7:39 PM

COLOMBO (News 1st) : රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජමෙයිතුල් උලමා සංවිධානයේ නායකයින් හා මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයින් පිරිසක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූහ.

සියලු ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වීම සඳහා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑ ම සහයක් ලබා දීමට සුදානම් බව මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ ඉතා සුළු අන්තවාදී පිරිස් මෙම කළහාකාරී සිදුවීම් ඇති කරන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. සියලු ජාතීන්ට සමගියෙන් සහ සහජීවනයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම සඳහා ගතහැකි සෑම පියවරක් ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.