කතෝලික රදගුරු මණ්ඩලයෙන් නිවේදනයක්

කතෝලික රදගුරු මණ්ඩලයෙන් නිවේදනයක්

by Sagarika Chathumali 08-03-2018 | 9:11 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බුද්ධිමත්ව මෙන්ම ඉතා මානුෂීය ලෙස හැසිරිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසන්නේ, අතීතයේ ද මෙවැනි සිදුවීම්වලින් පාඩම් උගත් පිරිස් ලෙස මෙම සිදුවීම් දෙස වඩාත් දූරදර්ශි ලෙස හා මානුෂීය ලෙස අවධානය යොමුකර කටයුතු කළ යුතු බවයි. ජාතීන් අතර මෙන්ම ආගම් අතර සංහිඳියාවේ මනා පූර්වාදර්ශයන් සැපයු රටක් ලෙස මෙරට තුළ මෙවැනි හුදකලා සිදුවීම්වලට ආගමික හා ජාතික මුහුණුවරක් දීම ඒ වෙනුවෙන් පෙනී සිටින අන්තවාදීන්ට අවස්ථා සැපයීමක් බව එම නිවේදනයේ සඳහන් ය. කතෝලික රදගුරු මණ්ඩලය එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය සමනය කිරීම සඳහා සියලු ආගමික නායකයින්, දේශපාලන නායකයින් මෙන් ම විවිධ සංවිධාන ද සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීම මෙම මොහොතේ වඩා වැදගත් බවයි.