මිනිස්සු ඇයි මේ තරම් ඉක්මනින් ඉතිහාසය අමතක කළේ ?

"මිනිස්සු ඇයි මේ තරම් ඉක්මනින් ඉතිහාසය අමතක කළේ ?"- යුද හමුදාපති

by Sagarika Chathumali 08-03-2018 | 5:07 PM

COLOMBO (News 1st) : යුද හමුදාව රටේ උද්ගතව ඇති වාතාවරණය සමථයකට පත් කිරීමට ත් ජාති භේදයකින් තොරව සියලු ජනතාව ආරක්ෂා කිරීමට ත්  බැඳී සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේ, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නා හිමි බැහැදැකි අවස්ථාවේදීයි. මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ තත්ත්වය පාලනය වී ඇති බව යුද හමුදාපතිවරයා එහිදී නාහිමියන්ට දැනුම් දුන්නේ ය.

පිටස්තර ප්‍රදේශවලින් මහනුවරට පැමිණි කණ්ඩායමක් තවමත් එහි සැරිසරන බව ත්

එවන් පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ත් යුද හමුදාපතිවරයා එහිදී අවධාරණය කළේ ය. තිස් අවුරුදු කුරිරු යුද සමය සිහිපත් කරමින් යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනතාව මෙතරම් ඉක්මනින් ඉතිහාසය අමතක කළේ මන් ද ? යන්න ගැටලු සහගත බවයි. යුද හමුදාපතිවරයා  එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,  මෙවන් අවස්ථාවලදී ක්‍රියාත්මක වීමට විශාල බලතල ඇති බවත් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කර ජනතාව ම පීඩාවට  පත් කිරීමට සූදානම් නොමැති බව ත් ය. සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර තිබීම තුළිත් අසත්‍ය තොරතුරු පැතිර යාම පාලනය වී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා  වැඩිදුරටත් පැවසුවේ, ලබන සඳුදා වන විට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වය පත් කරන බවයි. https://www.youtube.com/watch?v=Vl1HXgsXBDU