අද සවස 4.00 තෙක් මහනුවරට ඇඳිරි නීතිය

අද සවස 4.00 තෙක් මහනුවරට ඇඳිරි නීතිය

by Hashini De Mel 08-03-2018 | 6:30 AM

COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැන වූ ඇඳිරි නීතිය අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව පොලීසිය පවසා තිබේ.

පොලීසිය සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර අන් සියලු දෙනා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ මහජන පාරක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම ද තහනම් බවයි. එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක් මත සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසියම් අයෙකුට අවශ්‍ය වුවහොත්, අදාළ අවශ්‍යතාව සඳහන් කර කවර හෝ පොලිස්ථානයක ස්ථානාධිපතිවරයකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඬුවම් ලැබීය හැකි වරදක් බවයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ රාත්‍රි මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පැවති බවයි.