ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ ශ්‍රේණිවලට

ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ ශ්‍රේණිවලට

ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ ශ්‍රේණිවලට

කර්තෘ Kumudu Jayawardana

08 Mar, 2018 | 2:41 pm

මෙවර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අනුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පහළ ශ්‍රේණියකට ඇතුළත් කර තිබේ.

ඔහු පසුගිය වසරේ A+ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස වර්ග කර තිබුණු අතර මෙවර ඔහු A මට්ටමට පහළ දමා තිබේ.

ඊයේ එළිදැක්වූ ගිවිසුම් වර්ගීකරණයට අනුව A+ මට්ටමට ඇතුළත් කර ඇති ඉන්දීය ක්‍රීඩකයින් මෙසේ ය.

විරාට් කෝලි (නායක )
රෝහිත් ෂර්මා
ශිඛර් ධාවන්
භුවනේෂ්වර් කුමාර්
ජෂ්ප්‍රිට් බුම්රාහ්

ඔවුන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ගෙවනු ලබන වාර්ෂික වැටුප ඉන්දීය රුපියල් කෝටි 7කි.

මේ අතර, A මට්ටමේ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් පහත දැක්වේ.

මහේන්ද්‍ර සිං දෝනි
රවිචන්ද්‍රන් අශ්වින්
රවීන්ද්‍ර ජඩේජා
මුරලි විජේ
චෙටෙස්වර් පුජාරා
අජින්ක්යා රහානේ
රිද්ධිමාන් සහා

මෙම ශ්‍රේණියේ ක්‍රීඩකයින් සඳහා ගෙවනු ලබන වැටුප ඉන්දීය රුපියල් කෝටි 5කි.

මේ අතර, කේ.එල්. රාහුල්, උමේෂ් යාදව්, කුල්ඩීප් යාදව්, යුස්වේන්ද්‍ර චහාල්, හර්ඩික් පණ්ඩ්‍යා, ඉෂාන්ත් ෂර්මා සහ දිනේෂ් කාර්තික් යන ක්‍රීඩකයින් B කාණ්ඩය යටතේ ඉන්දීය රුපියල් කෝටි 3ක් සඳහා ගිවිසුම්ගත කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටියක වැටුප් ලබන ක්‍රීඩකයින් වන්නේ, කේඩාර් ජාදව්, මනිෂ් පාණ්ඩේ, අක්ෂාර් පටෙල්, කරුන් නායර්, සුරේෂ් රයිනා, පාර්තිව් පටෙල් සහ ජයන්ත් යාදව් ය.

මේ අතර, සිය බිරිඳට වද හිංසා කළ බවට චෝදනා ලැබ සිටින මොහොමඩ් ෂාමි කිසිදු ශ්‍රේණියකට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]