"Online වීසා"වලින් කෝටි 700ක ආදායමක්

"Online වීසා"වලින් කෝටි 700ක ආදායමක්

by Hashini De Mel 07-03-2018 | 4:16 PM

COLOMBO (News 1st) - 2017 වසරේදී මෙරටට පැමිණෙන විදේශිකයින්ට Online ක්‍රමයට ගුවන්තොටුපොළේදීම වීසා නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම්පත් ඉදිරිපත් කොට වීසා ලබාගත යුතු ව තිබිණි. ආගමන හා විගමන පාලක ජෙනරාල් එම්. එන්. රණසිංහ මහතා පැවසූවේ, එහෙත් දැන් මෙම Online වීසා ක්‍රමය මගින් ප්‍රමාදයෙන් තොරව කඩිනමින් වීසා ලබා ගත හැකි වීම හේතුවෙන් විදේශ සංචාරකියින් අතර එය බෙහෙවින් ජනප්‍රියවී ඇති බවයි. උතුරු කොරියාව, සිරියාව වැනි රටවල් කිහිපයකට හැර ලොව අන් සෑම රටකින් ම පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපොළේදීම Online වීසා ලබාගත හැකි වේ. Online වීසා නිකුත් කිරීම අප්‍රේල් මස 1වන දා සිට වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එහි පරිගණක පද්ධතිය මේ දිනවල නවීකරණය කරගෙන යන බව ද ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.