සෞඛ්‍ය රියැදුරන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සෞඛ්‍ය රියැදුරන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

by Staff writer 07-03-2018 | 9:52 AM
Colombo (Newsfirst) - සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත සියලු ම සෞඛ්‍ය රියැදුරන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වේ. ඒ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් රියැදුරන් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කිරීමට විරෝධය පළ කරමිනි. සමස්ත ලංකා සෞඛ්‍ය රියැදුරන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, අසනීප නිවාඩු දමා සියලු ම සෞඛ්‍ය රියැදුරන් අද දිනයේ සේවයෙන් ඉවත් වන බව ය. කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ගිලන් රථ සේවා පමණක් පවත්වාගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.