by Hashini De Mel 07-03-2018 | 5:49 PM
COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබු වාර්ෂික එක්දින මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ.
ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙනි.
මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා (11 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.