වහා ම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට ඇඳිරි නීතිය

මහනුවරට වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය

by Sagarika Chathumali 07-03-2018 | 3:04 PM

වහා ම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමකාමීව නිවෙස්වල රැඳී සිටින ලෙසයි. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පාසල් වසා තැබෙන බවයි.