මදුරු මර්දන සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය දිග් කෙරේ

මදුරු මර්දනයට බඳවා ගත් සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කෙරේ

by Staff writer 07-03-2018 | 11:32 AM
Colombo (Newsfirst) - මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ය. මදුරු මර්දනය සඳහා කැබිනට් අනුමැතිය යටතේ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයින් සංඛ්‍යාව 1500කි.