.webp)

"මේ රටේ සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා. තමන්ගේ ජීවිතය, වත්කම් රැකගැනීමේ ඒ අයිතිය අපේ ව්‍යවස්ථාවේ වගේම ලෝකේ සෑම ව්‍යවස්ථාවකම තියෙනවා. ඒ ආරක්ෂාවන් ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටිනවා"
කැබිනට් සාකච්ඡාවට එක්ව සිටි මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ, අතීතයේ සිට සිංහල සහ මුස්ලිම් සමාජ අතර ඉතා ශක්තිමත් සබැඳියාවක් පැවති බවයි. එම ශක්තිමත් සබඳතාව බිඳ හෙළීමට දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පිරිසක් ක්‍රියා කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය."බෞද්ධ ජනතාව සමග මුස්ලිම් සමාජය තිබුණු සබඳතාව මෑත ඉදන් තිබුණ එකක් නෙවෙයි.රජකාලේ ඉදන් තිබුණු දෙයක්. මෑත කාලීනව ඒක තවත් ශක්තිමත් වෙලා තියෙනව මිසක් දුර්වල වෙලා නෑ. ඒවගේ සම්බන්ධයක් කඩාකප්පල් කරන්න තමන්ගේ පටු අරමුණු ඉටුකරගන්න වැඩකරන පිරිසක් අද මේ රටේ දේශප්‍රේමීන් කියලා කථාකරනවා.අද රටට ලොකු හානියක් කරනවා. තමන්ගේ නිවෙස්වල ඉදන් මේවා මෙහෙයවනවා කියල තොරතුරු අපට ලැබෙනවා.අපිට පෙනෙන්නේ මේක එක් කණ්ඩාමක් කරන වැඩක් කියන එක"
