ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකවරයා ධූරයෙන් ඉවත් වෙයි

ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකවරයා ධූරයෙන් ඉවත් වෙයි

by Staff writer 07-03-2018 | 7:53 AM
(Newsfirst) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකවරයා සිය ධූරයෙන් ඉවත් වී තිබේ. අමෙරිකානු ජනාධිපති ආර්ථික උපදේෂක ගැරී කෝන්ගේ ඉල්ලා අස්වීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩු කාලය තුළ ඉල්ලා අස්වූ ඉහළ තනතුරු දරණ පුද්ගල ලැයිස්තුවට එක්වන නවතම නාමය වේ. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, යකඩ සහ ඇලුමිනියම් සඳහා වන බදු මුදල් ඉහළ දැමීමට ජනපති ට්‍රම්ප් කළ සැලසුම නිදහස් වෙළෙඳාමට හිතැති ගැරී කෝන් කෝපයට පත් කළ බව ය. තම රටට සේවය කිරීම තමා ලද ඉහළ ම භාග්‍ය බව ගැරී කෝන් ධවල මන්දිරය විසින් නිකුත් කළ ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයේ පවසා තිබේ. 57 හැවිරිදි ගැරී කෝන්, ගෝල්ඩ්මන් සැච්ස් බැංකුවේ හිටපු සභාපතිවරයා ය. පසුගිය වසරේ අග භාගයේ ජනපති ට්‍රම්ප් කළ නව බදු ප්‍රතිසංස්කරණයේදී ගැරී කෝන් විශාල කාර්ය භාරයක් ට්‍රම්ප් වෙනුවෙන් කළ බව සඳහන් ය. කෙසේ වෙතත් විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, ජනපති ට්‍රම්ප් සහ ගැරී කෝන් අතර එතරම් හොඳ සබඳතාවක් නොපැවති බව ය.