ගම්මැද්ද ශ්‍රී පාද පිං බිමේ මෙහෙවරක...

ගම්මැද්ද ශ්‍රී පාද පිං බිමේ මෙහෙවරක...

by Hashini De Mel 07-03-2018 | 9:38 PM

COLOMBO (News 1st) - බුදුන්වහන්සේගේ තෙවන ශ්‍රී ලංකා ගමන සනිටුවහන් කරමින්, වාම සිරි පතුල සළකුණු කර ඇති ශ්‍රීපාද ස්ථානය ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් වන ස්ථානයකි.

එම පුදබිමේ ගමන් මග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගම්මැද්ද හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක් ව අද ආරම්භ කළේ ය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ය. සමන් දෙවිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අද වැඩසටහන ආරම්භ කෙරිණි. ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ගුවන් හමුදා සමාජිකයින් 100 කට ආසන්න පිරිසක් එක් විය. ශ්‍රීපාද ස්ථානයට පිවිසෙන හැටන් සහ රත්නපුර මාර්ග දෙකම මෙම වැඩසටහන යටතේ පිරිසිදු කිරීම සිදු කෙරිණි. මෙහිදී පියගැටපෙළවල් ප්‍රතිසංස්කරණය, වන්දනාකරුවන් දමාගොස් ඇති නොදිරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, විදුලි නඩත්තු කටයුතු හා ජල නල නඩත්තු කටයුතු සිදු කර ඇත. ගම්මැද්ද හා ගුවන් හමුදාව එක් ව සිදු කරන ශ්‍රීපාද ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන හෙටත් දවස පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වනු ඇත. https://youtu.be/ZlrSaUS6GjQ