by Sagarika Chathumali 07-03-2018 | 10:38 PM
COLOMBO (News 1st): හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණියේ ය.
ශ්‍රී මහ බෝධින්වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රි නිවාස නාහිමියන් ද බැහැදුටුවේ ය.
ශ්‍රි නිවාස නා හිමියන් එහිදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ව කරුණු පැහිදිලි කළ අතර එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ආණ්ඩුව නිසිලෙස නියෝග දීමට ප්‍රමාද වූ නිසා මෙවන් තත්ත්තවයක් උද්ගත වූ බවයි.
ප්‍රමාද වුණා. ආණ්ඩුව යම් කිසි නියෝගයක් දෙන්න එපැයි හරි ආකාරයෙන්. ඒ නියෝගය දෙන්න ප්‍රමාද වුණා.
නාහිමියන් සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇති වූ සංවාදය....
ශ්‍රි නිවාස නා හිමි : පුංචි පුංචි දේවල් තමයි මහා විශාල වෙන්නේ. ත්‍රිවීල් රථයක මොකද්ද ගැටලුවක්නේ.
හිටපු ජනපති: මේ ඕවර් ටේක් කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා.