අලුත්කඩේ බණ්ඩාරනායක මාවත අසළින් මිනිස් හිසක් හමුවේ

අලුත්කඩේ බණ්ඩාරනායක මාවත අසළින් මිනිස් හිසක් හමුවේ

by Hashini De Mel 07-03-2018 | 10:33 PM

COLOMBO (News 1st) - අලුත්කඩේ බණ්ඩාරනායක මාවත අසළ පිහිටි මුරපොල අසළ තිබී මිනිස් හිසක් පොලීසිය විසින් අද උදෑසන සොයා ගෙන තිබේ.

මෙම මිනිස් හිස සොයාගෙන ඇත්තේ, කෙසෙල්වත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ය. කසළ බෑගයක බහා දමාගොස් තිබු මෙම මිනිස හිස සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසුවේ ය. මෙම ස්ථානයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ය. පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත පොලීසිය සැකපළ කළේ, 2018 පෙබරවාරි 16 වන දින එම ප්‍රදේයේදී ම සිදු වූ ඝාතනයට මෙම සිදුවීමේ ද සම්බන්ධයක් ඇති බවයි. මේ අතර අද දින මියගොස් සිටින තැනැත්තා මුල්ලේරියාව පොලිස් වසමේ පදිංචි පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලි යන අය බවට විමර්ශනවලදී අනාවරණයවී තිබේ. පොලීසිය පැවසුවේ, මෙය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි. https://youtu.be/kBc9WvfZbts