“බෞද්ධ – මුස්ලිම් සමාජ සබැඳියාව දුර්වල වෙලා නැහැ” : කබීර් හෂීම්

“බෞද්ධ – මුස්ලිම් සමාජ සබැඳියාව දුර්වල වෙලා නැහැ” : කබීර් හෂීම්

“බෞද්ධ – මුස්ලිම් සමාජ සබැඳියාව දුර්වල වෙලා නැහැ” : කබීර් හෂීම්

කර්තෘ Hashini De Mel

07 Mar, 2018 | 8:34 pm

COLOMBO (News 1st) – රට තුළ හටගෙන ඇති නොසන්සුන්තාවට අදාළ මූලික සිද්ධියට සම්බන්ධ පිරිස් සහ ප්‍රකෝපකාරී සිදුවීම්වලට සම්බන්ධවූවන් අත්ඩංගුවට ගෙන ඇතැයි, විශේෂ කාර්ය භාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට ම මධ්‍යස්ථව නීතිය ක්‍රියාත්මක කරන බව ත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු සැකයක් තබා නොගත යුතු බව ත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය. අමාත්‍යවරවයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, රටේ සියලු ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය බැඳී සිටින බවයි.

“මේ රටේ සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා. තමන්ගේ ජීවිතය, වත්කම් රැකගැනීමේ ඒ අයිතිය අපේ ව්‍යවස්ථාවේ වගේම ලෝකේ සෑම ව්‍යවස්ථාවකම තියෙනවා. ඒ ආරක්ෂාවන් ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටිනවා”

කැබිනට් සාකච්ඡාවට එක්ව සිටි මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ, අතීතයේ සිට සිංහල සහ මුස්ලිම් සමාජ අතර ඉතා ශක්තිමත් සබැඳියාවක් පැවති බවයි. එම ශක්තිමත් සබඳතාව බිඳ හෙළීමට දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පිරිසක් ක්‍රියා කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

“බෞද්ධ ජනතාව සමග මුස්ලිම් සමාජය තිබුණු සබඳතාව මෑත ඉදන් තිබුණ එකක් නෙවෙයි.රජකාලේ ඉදන් තිබුණු දෙයක්. මෑත කාලීනව ඒක තවත් ශක්තිමත් වෙලා තියෙනව මිසක් දුර්වල වෙලා නෑ. ඒවගේ සම්බන්ධයක් කඩාකප්පල් කරන්න තමන්ගේ පටු අරමුණු ඉටුකරගන්න වැඩකරන පිරිසක් අද මේ රටේ දේශප්‍රේමීන් කියලා කථාකරනවා.අද රටට ලොකු හානියක් කරනවා. තමන්ගේ නිවෙස්වල ඉදන් මේවා මෙහෙයවනවා කියල තොරතුරු අපට ලැබෙනවා.අපිට පෙනෙන්නේ මේක එක් කණ්ඩාමක් කරන වැඩක් කියන එක”

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]