by Hashini De Mel 06-03-2018 | 4:46 PM
COLOMBO (News 1st) - ලිංගික හිංසන චෝදනාවක් සම්බන්ධයෙන්, දකුණු කොරියානු ආණ්ඩුකාරවරයෙකු ඉල්ලා අස් වී තිබේ.
දකුණු කොරියාවේ පළාත් ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ අන් හී ජුන්ග් මෙලෙස සිය ධූරයෙන් අද ඉල්ලා අස් වී තිබේ.
අන් හී ජුන්ග් පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ප්‍රමුඛ අපේක්ෂකයෙකු වූ අතර ජනාධිපති මූන් ජේ ඉන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේ ය.
තමාට එල්ලවන ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන්, ඔහු සිය සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සමාව ඇයද ඇති බව සඳහන් වේ.
අන් හී ජුන්ග්ට එරෙහිව එල්ල වූ මෙම චෝදනව පිළිබඳව දකුණු කොරියානු වැසියන් කම්පාවට පත්වූ බව විදෙස් වාර්තාහි දක්වා ඇත.
කෙසේ වෙතත් ඇතැමුන් පැවසූවේ, මෙම සිදුවීම තුළින් දකුණු කොරියාව තුළ පවතින පුරුෂාධිපත්‍ය සමාජ සංස්කෘතිය වෙනස් වී කාන්තාවන් සඳහා හිතවත් සමාජයක් ගොඩනැගීමට උපකාරි වනු ඇති බවයි.