by Hashini De Mel 06-03-2018 | 10:11 PM
COLOMBO (News 1st) - ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව නිව්ස්ෆස්ට් ගම්මැද්ද හා එක් ව ශ්‍රීපාද ස්ථානය පිරිසිඳු කිරීමේ වැඩ සටහනක් හෙට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ශ්‍රීපාදය, ජාති ආගම් භේදයෙනේ තොරව බොහෝ දෙනා වන්දනා මාන කරන පූජනීය ස්ථානයකි.
නමුත් ශ්‍රී පාද සමයේ එහි යන එන ඇතැම් සංචාරකයින් තැන තැන කසළ බැහැර කිරීමත් සමග එහි සුන්දරත්වයට වන හානිය ලඝු කොට තැනිය නොහැකියි.
එබැවින් හෙට සහ අනිද්දා දෙදින ශ්‍රීපාද ස්ථානය පිරිසිඳු කිරීමේ ජාතික ක්‍රියාන්විතයකට මුල පිරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව වේ.
ඊට නිව්ස්ෆස්ට් ගම්මැද්ද ද එක්වන්නේ මෙය ජාතික වැදගත්කමින් යුතු ක්‍රියාන්විතයක් වන නිසාය.
https://www.facebook.com/newsfirst.gammadda/videos/1702749313114641/