විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විරෝධතාවක

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විරෝධතාවක

by Hashini De Mel 06-03-2018 | 6:55 PM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි. අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයට රැස් වූ ඔවුන් එතැන් සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පාගමනින් පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත විය. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් කොමිසම ඉදිරිපස මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වූ බවයි. ඒ හේතුවෙන් කොළඹ පුරහල ආසන්නයේ දැඩි ර‍ථවාහන තදබදයක් ද හට ගත්තේ ය. විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත්වීම හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කළ බවයි