රුසියානු ගුවන්යානයක් කඩා වැටී 32 දෙනෙකු මරුට

රුසියානු ගුවන්යානයක් කඩා වැටී 32 දෙනෙකු මරුට

by Hashini De Mel 06-03-2018 | 9:49 PM

COLOMBO (News 1st) - සිරියාවේදී රුසියානු හමුදා ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මියගිය අය අතරට මගීන් 26 දෙනෙකු සහ ගුවන්යානා කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද අයත් බවයි. යානය අනතුරට ලක්වීමේ හේතුව තවමත් තහවුරු වී නොමැති අතර එය කාර්මික දෝෂයක් විය හැකි බව රුසියානු බලධාරීන් පෙන්වා දෙති.