මහනුවරට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

by Staff writer 06-03-2018 | 6:54 AM
Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය. මේ අතර මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් දී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ය. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇති ජනාධිපතිවරයා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.