පුරාවිද්‍යා ආඥා පනත ඉදිරියේදී සංශෝධනය කෙරේ

පුරාවිද්‍යා ආඥා පනත ඉදිරියේදී සංශෝධනය කෙරේ

by Staff writer 06-03-2018 | 10:37 AM
Colombo (Newsfirst) - පුරාවිද්‍යා ආඥා පනත ඉදිරියේදී සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල මහතා සඳහන් කළේ, 1998 වර්ෂයේ එම පනත සංශෝධනය කිරීමෙන් පසුව එය මෙතෙක් සංශෝධනය කර නොමැති බව ය. පෞරාණික වටිනාකම් සහිත ස්ථානවල ඉදිකරන අනවසර ඉදකිරීම් ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වන තෙක් බලයක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. ඔහු සඳහන් කළේ, මීට පෙර විශ්වවිද්‍යාල අචාර්යවරු එවකට සිටි අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ ද එය සංශෝධනය කර නොමැති බව ය.