නිදහස් කුසලානයට ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග බිමට

නිදහස් කුසලානය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

by Staff writer 06-03-2018 | 11:33 AM
Colombo (Newsfirst) - කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමින් තරග එකින් එක ජය ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග බිමට පිවිසීමට නියමිත ය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වේ.