තෙල්දෙණිය සහ පල්ලෙකැලේට යළි පොලිස් ඇඳිරි නීතිය

තෙල්දෙණිය සහ පල්ලෙකැලේට යළි පොලිස් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 06-03-2018 | 10:48 AM

JUST IN : තෙල්දෙණිය සහ පල්ලෙකැලේ පොලිස් බල ප්‍රදේශවලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලීසිය පැවසුවේ, වහා ම ක්‍රියාත්මක වන පරිදි අද දිනය පුරාවට මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය අවසන් කෙරුණේ, අද උදෑසන 6ටයි. මේ අතර මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් දී ඇත්තේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසෙයි. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇති ජනාධිපතිවරයා ප්‍රදේශයේ සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.