රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ජනපති නියමයෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

by Hashini De Mel 06-03-2018 | 3:53 PM

COLOMBO (News 1st) - රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, අපරාධකරුවන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලීසිය සහ සන්නද්ධ හමුදා බලගැන්වීම උදෙසා එම පියවර ගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1865258483534401/