ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

by Hashini De Mel 06-03-2018 | 6:37 PM

COLOMBO (News 1st) - සතියක කාල සීමාවක් සඳහා ජනාධිපතිතුමා දිවයින පුරා හදිසි අවස්ථාවක් අද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමිනි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පසුගිය සති දෙකක කාලය පුරා සිදු ව ඇති කළහකාරී සහ සාපරාධි ක්‍රියා සහ එම සිද්ධි නිසා සිදු ව ඇති ජීවිත සහ දේපළ හානිවීම්, ඇතුලු කරුණු 05 ක් මුල්කර ගනිමින් මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ බවයි. මෙම සිදුවීම් ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ සිදු ව ඇති අතර සංවිධානාත්මක කණ්ඩායම් මගින් ද සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක පනතේ දෙවන කොටස ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ද අදාළ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1865410206852562/