'ඔස්කා' සම්මාන සොරා පොලිස් අත්අඩංගුවට

'ඔස්කා' සම්මාන සොරා පොලිස් අත්අඩංගුවට

by Sagarika Chathumali 06-03-2018 | 8:49 AM

මෙවර ඔස්කා හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ ෆ්‍රැන්සස් මැක්ඩොමන්ට්ගේ සම්මානය සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා මැක්ඩොමන්ට් ලද සම්මානය එලෙස සොරකම් කර ඇත්තේ, උළෙලින් පසු පැවති භෝජන සංග්‍රහය අතරතුරදීයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඇප මත මුදා හැර ඇති 47 හැවිරිදි සැකකරු අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර තිබේ. සැකකරු ළඟ තිබූ  මැක්ඩොමන්ට්ගේ නම සහිත එම  සම්මානය යළි ඇයට භාර දී ඇති අතර  සම්මානය සොරාගෙන ඇති පුද්ගලයා සම්මාන උළෙලින් පසු පැවැත්වෙන නිල භෝජන සංග්‍රහය සඳහා අවසර ලත් අයෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මැක්ඩොමන්ට් ඔස්කා හොඳ ම නිළිය සම්මානය හිමි වූයේ, Martin McDonagh  විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Three Billboards Outside Ebbing, Missouri චිත්‍රපටයේ අතිදක්ෂ රංගනය වෙනුවෙනි. 60 හැවිරිදි මැක්ඩොමන්ට් චිත්‍රපටය තුළදී සිය දියණිය දූෂණය කර මරා දැමූ ඝාතකයින් සොයා යන මවකගේ චරිතයට පණ පොවන්නී ය. අතිඋත්කර්ෂවත් 90 වන ඔස්කා සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ, ලොස්ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදීයි.