අගමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

by Staff writer 06-03-2018 | 8:34 AM
Colombo (Newsfirst) - අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ අද දින ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ, ප්‍රතාපන විරෝධී සහ ප්‍රතිතෝලන බදු සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම ය. කෙසේ වෙතත් කාගේත් අවධානයට ලක්ව තිබෙන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව පිළිබඳව ය. ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ, මෙම විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ය. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.