වෙළෙඳපොළ පොලී අනුපාත ගැන මහ බැංකුවේ අදහස

වෙළෙඳපොළ පොලී අනුපාත ගැන මහ බැංකුවේ අදහස

by Hashini De Mel 05-03-2018 | 9:46 PM

COLOMBO (News 1st) - මෑත කාලීනව වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කර තිබේ.

මහබැංකුව පෙන්වා දෙන්නේ, පොලී අනුපාත ඉහළ යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ නිවේදනය නිකුත් කරන බව යි. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ, මතුපිට උද්ධමනය, මූලික  උද්ධමනය, උද්‍ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය හා ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන් ම ජාත්‍යන්තර සංචිතවල මට්ටම අනුව පොලී අනුපාත ඉහළ යෑමක් අපේක්ෂා කළ නොහැකි බව ය. මෑත කාලීන ගෝලීය වෙළෙඳපොළ වර්ධනයන් සහ ආර්ථිකමය නොවන සාධක හේතුකොටගෙන ඇති වූ අවිනිෂ්චිතතා හේතුවෙන් පෙබරවාරි මාසයේ දේශීය වෙළෙඳපොළ තුළ යම් විචල්‍යතාවක් ඇතිවුව ද එය කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැයි යන්න මහබැංකුවේ අපේක්ෂාවයි. මහබැංකුව පෙන්වා දෙන්නේ, විදේශිය විනිමය වෙළෙඳපළෙ යළි ස්ථායි මට්ටමකට දැනටමත් ළඟාවී ඇති අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ වූ අවිනිෂ්චිතතා සැලකිය යුතු ලෙස පහව ගොස් ඇති බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1864370613623188/