වැලිකඩ ගැටුමට එරෙහි පෙත්සම ඉවතට

වැලිකඩ ගැටුමට එරෙහි නන්දිමාල් සිල්වාගේ පෙත්සම ඉවතට

by Hashini De Mel 05-03-2018 | 8:09 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර ප්‍රහාරයක් එල්ලකොට රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට, වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය අද නිශ්ප්‍රභ කර තිබේ.

2012 නොවැම්බර් 9 වැන දා සිදු වූ එම ප්‍රහාරයට වගකිව යුතු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලා, සුදේෂ් නන්දිමාල් ද සිල්වා නැමැත්තා විසින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධිය සම්බන්ධයෙන්, විධිමත් පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින්, ඉල්ලා ඇති පරිදි එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව ය.