මෙරට නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළට

මෙරට නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළට

by Hashini De Mel 05-03-2018 | 4:30 PM

COLOMBO (News 1st) - දේශීයව නිෂ්පාදන කෙරෙන සිමෙන්ති වර්ග දෙකක මිල රුපියල් 30.00කින් ඉහළ දමා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, පසුගිය බදාදා සිට මිල වැඩි කිරීමට අවසර ලබා දුන් බවයි. ඒ අනුව රුපියල් 930ක් ව පැවති සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 960ක් දක්වා ඉහළ යනු ඇත. සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවට නිෂ්පාදකයින් කළ ඉල්ලීමක් අනුව මිල වැඩි කිරීමට අවසර දුන් බව ද එම අධිකාරිය ප්‍රකාශ කළේ ය.