මහනුවර වූ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

මහනුවර වූ සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Hashini De Mel 05-03-2018 | 5:22 PM

COLOMBO (News 1st) - මහනුවර දිගන ප්‍රදේශයේ අද දින සිදු ව ඇති සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිතුමා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැලැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස්දී ඇති ජනාධිපතිතුමා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන්ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.