නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් - චන්දික හතුරුසිංහ

by Hashini De Mel 05-03-2018 | 7:52 PM

COLOMBO (News 1st) - නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පුහුණු සැසියකට එක් වෙමිනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශ කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවීමට නියමිතව ඇත. මෙම රටවල් තුන අතර පන්දුවාර 20 යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාව හෙට තරග බිමට පිවිසෙනු ඇත. ඒ අනුව නිදහස් කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, එළඹෙන 18 වන දායි.