දැරියන් 5 දෙනෙකු කෙළෙසූ අපයෝජකයෙක් අත්අඩංගුවට

දැරියන් 5 දෙනෙකු කෙළෙසූ අපයෝජකයෙක් අත්අඩංගුවට

by Sagarika Chathumali 05-03-2018 | 11:55 AM

COLOMBO (News 1st) : හබරාදූවේ ළමා නිවාසයක ළමුන් 5 දෙනෙකු අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම ළමා නිවාසයේ ම සේවය කළ 53 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු මාසයකට අධික කාලයක් තිස්සේ වරින් වර එකොළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු ද පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු හා දහතුන් හැවිරිදි දැරියක එලෙස අපයෝජනයට ලක්කර තිබේ. සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.