ඝවුටාහි තත්ත්වය දැඩි අවදානමක...

ඝවුටාහි තත්ත්වය දැඩි අවදානමක...

by Sagarika Chathumali 05-03-2018 | 9:37 AM

කැරලිකරුවන් සහ රජයේ හමුදාව අතර ගැටුම් හේතුවෙන් සිරියාවේ ඝවුටා ප්‍රදේශයේ තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල දැක්වෙන්නේ මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් එම ප්‍රෙද්ශයෙන් පලා යමින් සිටින බවයි. මේ වනවිට සිරියානු රජයේ හමුදාව කැරලිකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ඝවුටා ප්‍රදේශයෙන් හතරෙන් එකක කොටසක් යළි අත්පත්කර ගෙන අවසන් ය. ඊයේ එම ප්‍රෙද්ශයට ආධාර රැගෙන යාමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් රථ පෙළට තවමත් එහි යාමට නොහැකිව ඇත. ඉකුත් පෙබරවාරි 18 වන දින ආරම්භ වූ ගැටුම්වලින් මේ වනවිට මියගොස් ඇති පිරිස 600 ඉක්මවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඝවුටා ප්‍රදේශයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් ගැටුම්වලට මැදිවී පලා යාමට නොහැකිව සිරව සිටින බවයි.