ඔස්කා සම්මාන ප්‍රදානය ඇරඹෙයි

ඔස්කා සම්මාන ප්‍රදානය ඇරඹෙයි

by Sagarika Chathumali 05-03-2018 | 8:37 AM

ජගත් සිනමාවේ මෞලී මංගල්‍යය ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබේ.

මෙවර 90 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල පැවැත්වෙන්නේ, ලෝස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ ඩොල්බි රගහලේදීයි. ඒ අනුව මෙවර හොඳ ම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් , මිසොරි චිත්‍රපටය වෙනුවෙන් සෑම් රොක්වෙල් ය. ඔස්කාර් සම්මාන උලෙලේ හොඳ ම වේෂ නිරූපණයට හිමි සම්මානය ඩාර්කස්ට් අවර් චිත්‍රපටය වෙනුවෙන් කසුහිරෝ ලුසී සහ ඩේවිඩ් යන අය දිනාගත්තේ ය.